ආයතන අංශය
මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?
- මොනරාගල සිට වැල්ලවාය පාරේ 1KM පැමිණ කච්චේරිහංදියෙන් දකුණට ඇති පාරේ 100M දුරින් ඇති ගොඩනැගිල්ල මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වේ.
ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම
මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 26 සඳහා ග්‍රාම නිලධාරී අංක පහත දැක්වේ
අනු අංකය |
වසමේ අංකය |
ග්‍රාම නිලධාරී වසම |
01 |
125 |
කහම්බාන |
02 |
125-ඒ |
මාරාව |
03 |
125-බී |
තෙනගල්ලන්ද |
04 |
127 |
කොලොන්වින්න |
05 |
127-ඒ |
වෙහෙරගල |
06 |
127-බී |
බෝහිටිය |
07 |
129 |
මුප්පනේ |
08 |
129-ඒ |
කවුඩාව |
09 |
129-බී |
මොනරාගල |
10 |
129-සී |
හුලංදාව |
11 |
129-ඩී |
හිදිකිවුල |
12 |
129-ඊ |
මාගන්දනමුල්ල |
13 |
129-ඒෆ් |
විහාරමුල්ල |
14 |
129-ජී |
හුලංදාව වම |
15 |
129-ඒච් |
හුලංදාව දකුණ |
16 |
129-අයි |
අලියාවත්ත |
17 |
130 |
බටුගම්මන |
18 |
130-ඒ |
නක්කල |
19 |
130-බී |
වැලියාය |
20 |
130-සී |
දෙබැද්දේකිවුල |
21 |
130-ඩී |
රත්තනපිටිය |
22 |
130-ඊ |
ටැංවත්ත |
23 |
130-ඒෆ් |
ගුරුහෙල |
24 |
131-ඒ |
කුඹුක්කන |
25 |
131-බී |
මදුරුකැටිය |
26 |
131-සී |
හොරොම්බුව |
- .
සමාජ සේවා අංශය
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
- ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් පවුල් සෙෘඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.
- අයදුම්පත පවුල් සෙෘඛ්‍ය සේවා නිලධාරිනි,සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි හා වසම භාර ග්‍රාමසේවා නිලධාරිගේ අත්සන ලබාගත් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂයභාර නිලධාරියා වෙත ඉදිරිපත් කර දීමනාව ලබාගත හැකිය.
අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?
- දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.
- දරුවා ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?
- පළමු වටයේ අභියාචනා පරික්ෂාකර ප්‍රමුඛතා ලේඛණ සකස් කර ඇත.
- දෙවන වටය සදහා අභියාචනා භාර ගනු ලැබේ.
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
- මෙහිදී දිවයිනේ සියළු දිස්ත්‍රික්කවලට අදාලව උපත්,විවාහ හෝ මරණ සහතික පිටපත් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැකිය.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනක් ඇතුළත කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා උපත සිදුවු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
විශ්‍රාම වැටුප් අංශය
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- ඉල්ලිමේ ලියුම.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.
- නැවත විවාහ වීම.
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.